ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් පොස්ට් එකක් ලියන්න ආව මේ පැත්තට
මේ ඉතින් අද ගත්ත telescope එක ගැන පොඩි වචන ටිකක් කියන්න කියල.
හරි ඉතින් හැම කතාවකටම වගේ මේකෙත් මුලින්ම ඉතිහාස කතාවක් තියනවනේ එකෙන්ම පටන් ගන්නම්
ඉස්කෝලේ යන කලේ අපේ ලැබ් එකේ මේකක් තිබ්බ මතකයි ඒත් පාවිච්චි කරේ නෑ.
කොහොමින් කොහොමින් හරි Job එක කරන දවස් වල පෝන් එකට zoom lens එකක් අරන් හඳේ පොටෝ එකක් ගැහුවා
ඉතින් ඔහොම ඉදල ආසාව තිබ්බට ගන්න එකක් තේරුනේ නෑ ලොකුවට ඒ පස්සෙන් පැන්නුවෙත් නෑ.
කොහොමින් හරි ඉතින් අද තමා ඔන්න එකක් ගෙදර ගෙනාවේ.
හරි අපි දැන් මේකෙන් මොකද වෙන්නේ කියල බලමු
මේවගෙන් වෙන්නේ දුර තියන දෙයක් ලං කරලා බලන එක තමා ඉතින්
මේකට තියනවා බලන්න පුළුවන් උපරිම දුරක්
සරලවම මේ පොස්ට් එකෙන් කියන්නේ දුරේක්ෂයක් කියන්නේ මොකක්ද ඒවගේ කෑලි මොනාද කියල
මුලින්ම කිව්වොත් දුරේක්ෂ වර්ග 3කට බෙදන්න පුළුවන්
Refracting (කාච භාවිත කරන)
Reflecting (දර්පණ භාවිත කරන)
Catadioptric (ඉහත දෙකම භාවිත කරන)
image from (https://www.quora.com/What-are-the-types-of-telescopes-and-what-do-they-do-differently) |
ඔයාලට පේනවා ඇති මේ 3නෙම එකම වගේ කෑලි තියෙන්නේ කියල
image credits https://hotel-center.eu/ccca_tag/17-in-diameter-telescopes-astronomical
ලෙන්ස් (Lenses)
image credits https://spaceplace.nasa.gov/telescopes/en/
ලෙන්ස් ලෙස හැඳින්වෙන කොටස යනු අහස් නිරීක්ෂණයෙන් ආලෝකය මාර්ගගත කර පිළිවෙලින් ඒක රූපයක් බවට පත් කරන කාචය.
මෙමගින් ආලෝක තරංග නිරපේක්ෂ කර රූපය සකස් කරයි.
උසස් තත්වයේ වීදුරු වලින් නිපදවා ඇති අතර විශේෂිත ආලේපනයක් ද ඇත.
Refracting ටෙලස්කෝප් වල එන්නේ මේවා ඊට අමතරව eyepiece එකෙත් තියනවා
දර්පණ (Mirrors)
දර්පණ යනු ආලෝකය හඳුනාගන්නා සහ යළි යොමු කරන ප්‍රධාන කොටසයි.
ආලෝක තරංග ප්‍රතිපල කර විශාල කර අහස් නිරීක්ෂණයේ අක්‍රීය රූපයක් නිපදවයි.
Eyepiece
Eyepiece ආලෝකය විශාල කර දැක්ම පහසුකරන කොටසයි.
ප්‍රධාන ලෙස ටෙලස්කෝප් සඳහා අනිවාර්ය කොටසක් වන අතර සියලු දර්ශක කාච වල විශාලකරණය පහසු කරයි.
පාදම(Mount)
පාදම යනු ටෙලස්කෝප් එක සවි වී තියන එකට කියන නම. මේවත් ජාති කිහිපයක් තියනව.
පෙහෙනුම් (Filters)
Filters යනු දර්ශකය හරහා ගලා එන විශේෂිත ආලෝක තරංග පමණක් අවසර දෙන කොටසකි.
Finderscope
සොයා ගන්නාකම් යනු දර්ශක කාචයේ ප්‍රධාන කොටසක් මූලිකව භාවිතා වන අතර, අහස් නිර්දේශ කටයුතු පහසු කරයි.
ඉක්මනින් සහ නිවැරදිව අහස් නිරීක්ෂණය සඳහා උපකාරී වේ.
දෘශ්‍ය නලය (Optical Tube Assembly)
දෘශ්‍ය නලය ප්‍රධාන ලෙන්ස් හෝ දර්පණ වැනි දෘශ්‍යමය කොටස් ආවරණය වන ප්‍රධාන කොටසයි.
ලෙන්ස් හෝ දර්පණ නිවැරදිව සහිතව ඇති අතර, අහස් නිර්දේශයේ නිවැරදිව වැඩිදියුණු කරයි.
ඉතින් මේ තියෙන්නේ මගේ පින්තුර වල පලවෙනි සෙට් එක ඉතින් මන් බලනව ඉස්සරහට මේවා හොදට කොලිටියට ගහගන්න
පහලින් මගේ videos ටිකකුත් දාන්නම්
මේ තියෙන්නේ කොහොමද පෙන්නේ කියල
මේ ටික දාන්නේ මාස ගානක් මේ ටෙලස්කෝප් එක පාවිච්චි කරලා ගත්ත අත්දැකීම් වලින්
මම මේක සරල සිංහලෙන් කියල දෙන්නම්
මුලින්ම කියන්න ඕනි EQ Mount එක ගත්ත දවස් වල නම් එපාම උනා හැබැයි පස්සේ පස්සේ මේක පට්ට කියල හිතුන මේක හැමතිස්සෙම උතුරු තරුව (Polaris) පැත්තට හරවල තියල එතන ඉදන් බලන්න ඕනි වස්තුවට align කරලා ගත්තම ගානට තනි adjuster එකෙන් කරකවල බලාගන්න පුළුවන් ඉතින් මේවට tracking තියන ටෙලස්කෝප් තියනවා, මගේ එකට එකක් හදන ගමන් ඉන්නේ මොකද එක පට්ට ගණන්. මන් බැලුවේ මෝටර් එකක් සෙට් කරලා හදන්න
image credits https://www.space.com/15693-telescopes-beginners-telescope-reviews-buying-guide.html
මේ tracking තියන ටෙලස්කෝප් එකෙන් නම් auto ම track වෙන නිසා හොදට බලන්න වගේම පොටෝ ගහන්න පුළුවන්, මොකද අපේ පෘතුවියේ බ්‍රමනයයි බල වස්තුවේ බ්‍රමනයයි එක්ක tracking නැති එකකින් බලද්දී වගේම පොටෝ ගහද්දි details ගොඩක් drop වෙනවා
හරියටම කිව්වොත් ඔරායන් andromeda වගේ හොදටම පෙන්නේ long exposure පොටෝ ගැහුවම.
මේ තියෙන්නේ dslr එක barlow lens එක දාල ගත්ත පොටෝ එකක්
මේ තියෙන්නේ හඳ හැබැයි මේක තමා විශේෂම මොකද අයිපිස් නැතුව dslr එක ටෙලස්කෝප් එකට සෙට් කරලා ගත්ත එකක් මේකෙදි පොටෝ පට්ටම කොලිටි.
ඒ අයි කියල මන් පොඩි වීඩියෝ එකක් කරන්නම් කියල හිතාගෙන ඉන්නවා හැබැයි මෙහෙම ගහන්න ටෙලස්කෝප් එක modify කරන්න වෙනවා
එහෙනම් ඉතින් ගිහින් එන්නම් ජයවේව හැමෝටම
කලකින් උනත් ආ එක ගැන සතුටුයි. දිගටම ලියන්න. ප්‍රයෝජනවත් සටහනක්.
ReplyDelete