DIY EQ3 Telescope mount motor

හරි ඉතින් ඔන්න අද කියන්න යන්නේ ගත්ත ටෙලස්කෝප් එකට පොඩි මෝටර් එකක් සෙට් කරපු විදිහ ගැන. මේකෙදි වෙන්නේ අපේ පෘතුවිය අංශක 23 හමාරක ඇලයකින් එයාගේ අක්ෂය වටේ කරකෙනවනේ ඉතින් මේකෙන් කරන්නේ අන්න එකේ කැරකෙන එක නතර වෙන්න ඕනි වේගය හදාගන්න එක එතකොට බලන වස්තුව එක තැන තියනවා වගේ පේනවා



මේ තියෙන්නේ මන් හදපු ගැජට් එක




ගියපු දේවල්

12v gear motor 10rpm

Motor controller for control rpm.

Mounting bracket 

Gt2 timing pulleys and belt


මේ තියෙන්නේ වැඩ කරපු විදිහ




හිතාගෙන හිටපු විදිහටම වැඩේ උනා ඉතින් සාර්ථකයි කියල කියන්න පුළුවන්.  

නමුත් කියන්න දේවල් ටිකක් තියනව තව කෙනෙක් කරනවා නම්. polar align කරගන්න කට්ටක් කෑවා ඒත් 100%ක් උනා කියන්න බැ මොකද තරුව පෙන්නේ නෑ මන් ඉන්න තැනට.බ්‍රහස්පති Full zoom කරලා  තප්පර 10ක් 15ක් යනකොට පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා කියල තේරෙනවා ඉතින් single axis එකේ තියන ලොකුම අවුල මේක තමා long exposure පොටෝ ගහන්න හිතන් ඉන්නවනම් හරියටම align වෙලා තියෙන්න ඕනි එකට ටිකක් ලොකු වෙහෙසක් ගන්න වෙනවා. රෑ පොටෝ ගහන්න හවස ඉදන් සෙටප් කරගන්න උනා එක මට නම් ටිකක් කරදරයි වෙන නම් කේස් එකක් තිබ්බේ නෑ ලේසියෙන්ම speed එක ගලපගන්න පුළුවන් උනා. rpm එක අඩු මෝටර් එකක් දානවා නම් හොදයි මගේ තියෙන්නේ 10, 5 වගේ දානවා නම් හොදයි.  


facebook එකෙන් හම්බුන උපදෙස් දීපු හැමෝටම ස්තුතියි


ඉතින් ඊළගට මන් dual axis සෙටප් එකක් හදන්න බලනවා  


හැමෝටම ජයවේවා


දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post