හරි ඔන්න අද කියන්න හදන්නේ කොහොමද අපි deep sky පොටෝ එකක් ගහන්නේ කියල
මේකට ඔයාලට ටෙලස්කෝප් එකම ඕනි නෑ පෝන් එකෙනුත් පුළුවන් dslr කැමරා එකක් වගේ තියනවා නම් තවත් හොදයි
ඉතින් වැඩි කතා නැතුව අපි යමු වැඩේට
මුලින්ම කියන්න ඕනි 500 රුල් එක ගැන මේකෙදි අපි long exposure ෆොටෝ එකක් ගහද්දි තරු වල star trail එක යන්නේ නැති වෙන්න ගහන්න ඕනි උපරිම අගය ගණනය කරන්න ඕනි
පොටෝ එක sharp වෙන තරමට වැඩේ කොලිටි පේනවනේ පහල පොටෝ එකේ කේස් එක
ඉස්සෙල්ලම අපේ කැමරාවේ crop factor කියන එක ගුගල් කරලා ගන්න උදාහරණයක් මගේ නිකොන් කැමරාවේ 1.5 යි මගේ lens එක 55-300 එකක් ඉතින් මන් ගන්නේ 300න කියල ගත්තොත් 1.5 වැඩි කරන්න 300 එටකොට 450යි කියල එනවා. දැන් අර 500 බෙදන්න 450න්
1.1 ක් එනවා ඉතින් අපට මේක තප්පර එකයි කියල ගන්න පුළුවන්
ඕක හදාගන්න තේරෙන්නේ නැත්තම් පෝන් එකක් වගේ නම් තියෙන්නේ තප්පර 10ක් වගේ දාල පොටෝ එකක් අරන් බලන්න තරු ටික තිතට තියනවද කියල ඒ අනුව අඩු වැඩි කරගන්න පුළුවන්
මතක් කරලා timer එක 2 sec වත් තියන්න නැත්තම් හෙලවෙනවා
shutter එක දැම්ම තප්පරෙකට iso එක දැම්ම 3200 ට වගේ හොදට තිතට ෆෝකස් කරා හෙලවෙන්නේ නැතිවෙන්න පොටෝ එක ගැහුවා තප්පර ගාන වැඩි වෙන්න වෙන්න ISO එක අඩු කරන්න තප්පර 10ත එනකොට iso එක 800 වගේ පහලට ගන්න තප්පර 20 ට වගේ එනකොට 400 500 වගේ අඩු කරන්න පොටෝ එක ගොඩක් සුදු වෙන්නත් බෑ කළු වෙන්නත් බෑ.
එහෙම ගැහුවම මේ වගේ පෙනෙයි. ඔයාලට පේනවා ඇති මේකේ details එහෙම ලොකුවට නෑ ඒ උනාට කමක් නෑ පස්සේ බලන්නකෝ
ඉතින් ඔය වගේ පොටෝ 10ක් විතර ගහගන්න අපි දැන් කරන්න යන්නේ ඒ ගත්ත පොටෝ
එක උඩ එක තියල ආලෝකය එකතු කරන එක stack කරනවා කියල කියන්නේ පොටෝ ගාන වැඩි වෙන්න වෙන්න අන්තිම පොටෝ එකේ කොලිටිය වැඩි වෙනවා ඉතින් පොටෝ 100ක් 1000ක් වගේ ගැහුවොත් පිස්සු හැදෙයි
ඊටපස්සේ මෙන්න මේ සොෆ්ට්වෙයා එක දාගෙන open කරලා
Star images වලට අර ගත්ත පොටෝ select කරන්න
output එකත් නමක් දෙන්න
දැන් පහල තියන සෙටින්ග්ස් මේ විදිහට දෙන්න
දීල start දෙන්න
ඊටපස්සේ පොටෝ එකක් එයි මේ වගේ
දැන් windows photo editor එකෙන් පොඩ්ඩක් කලර් බැලන්ස් කරලාකපල කොටලා ගන්න
පොටෝෂොප් වගේ දන්නවා නම් මීට වඩා කොලිටියට details ගන්න පුළුවන් හොඳේ
ඔන්න එහෙනම් අපි ලේසියෙන්ම අපේ පලවෙනි පොටෝ එක හදාගත්තා.
මේ තියෙන්නේ ඒ වගේ හදාගත්ත පොටෝ ටිකක්
පහලින් video link එකත් දාන්නම් ලේසි වෙන්න
එහෙනම් අපි ගියා හැමෝටම ජයවේවා